
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය බදාදා ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුවෙන් අනතුරුව පළාත් සභාවලට බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව සහ විපක්ෂය මුළුමනින්ම බෙදී සිටින ආකාරය දැකගත හැකි විය.
එහිදී විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ පාඨලී චම්පික රණවක ප්‍රමුඛ එක්සත් ජනරජ පෙරමුණ පළාත් සභා මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ඊට හාත්පසින්ම වෙනස් අදහසක් ඉදිරිපත් කළහ.
ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ, ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි. “පළාත් සභා පනතේ සංශෝධනයක් සම්බන්ධයෙන් රජයට සහාය දීමට අපි සූදානම්, එවිට මැතිවරණය වහාම පැවැත්විය හැකි” බව ඔහු ජනමාධ්‍ය හමුවකදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පැවසුවේ සීමානිර්ණය පිළිබඳ ගැටලුව මාසයක් ඇතුළත විසඳන්නේ නම්, රජයට පළාත් සභා මැතිවරණය මිශ්‍ර ක්‍රමයකට වුවද පැවැත්විය හැකි බවයි. “ඒ වගේම පළාත් සභාවලට බලය බෙදීම පවතින තත්ත්වය අනුව කරන්න පුළුවන්. අද අවශ්‍ය දෙමළ භාෂාව කතා කරන පොලිසියක් සිටීම මිස පළාත් සභාවලට පොලිස් බලතල බෙදීම නෙවෙයි. වැල්ලවත්ත පොලිසියට වුණත් දෙමළ භාෂාව කතා කරන පොලිසියක් අවශ්‍යයි” ඔහු පැවැසීය.
ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුව කැඳවා ඇත්තේ තම දේශපාලන අභිලාෂය ඉටුකර ගැනීම සඳහා බව රතන හිමියෝ අවධාරණය කළහ. “ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණය ගැන කනස්සල්ලෙන් සිටින බවක් පෙනෙන්නට තිබෙනවා. ඔහු කළ යුත්තේ බලය බෙදීම පිළිබඳ ඔහුගේ අදහස ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම පමණයි” රතන හිමියෝ සඳහන් කළහ.
මේ අතර, විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණ ප්‍රමුඛ මන්ත්‍රී කණඩායම ජනාධිපතිවරයාගේ සහ බහුතර විපක්ෂයේ මතයට එරෙහි, සිය පෞද්ගලික යෝජනාවලියක් ජනාධිපතිවරයාට භාරදී ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ උතුර-නැගෙනහිර ගැටලුවට 13+ විසඳුමක් ලබාදීමට එවකට කැමැත්ත පළකළ, වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය, දැන් ආණ්ඩුව නියෝජනය කරමින්, 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට විරෝධය පළකරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart