
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයට පසුගිය මැතිවරණවලදී ජන්ද ලබාදුන් ජනතාවගෙන් 100%ක් තවමත් සිය මතයේ නොවෙනස්ව සිටින බව රජය මෑතකදී කරන ලද සමීක්ෂණයකදී අනාවරණ වී ඇතැයි දැනගන්නට තිබේ.
විශේෂත්වය වන්නේ දිවයිනේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල ජනතාවගේ මතයද එලෙස නොවෙනස්ව පැවතීමයි.
කෙසේවෙතත් එම සමීක්ෂණයට සහභාගී වූ මාළිමාවට ඡන්දය ලබාදුන් ජනතාවගෙන් ඉන් 23% ප්‍රමාණයක් කඩිනමින් ජනතා සහන ලබා දියයුතු බව ප්‍රකාශ කර තිබීමයි.
කෙසේවෙතත් බාධාවකින් තොරව තවදුරටත් ආණ්ඩුවට සිය කටයුතු පවත්වාගෙන යෑමට අවස්ථාව ලබාදිය යුතු බව එම පිරිසගේ අදහස වී ඇත.
මෙලෙස අදහස් පළකර ඇති පිරිසගෙන් 12%කට වැඩි ප්‍රතිශතයක් උතුර සහ නැගෙනහිර ඇතුළු දිවයින පුරා වාසය කරන දෙමළ සහ මුස්ලිම් ජනතාව වේ.
වත්මන් ආණ්ඩුව ඒ සදහා මැදිහත්ව සිය දීර්ඝ කාලින ගැටලුවලට විසඳුම් ලබාදෙනු ඇතැයි විශේෂයෙන් දෙමළ ජනයා විශ්වාස කරන බවව එහිදී හෙළිවී තිබේ.
සමස්තයක් ලෙස ගත්කල අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් පහත හෙළීම සිදුකල යුතු බව මෙම සමීක්ෂණයට සහභාගී වූ ජනතාවගෙන් 16%කගෙන මතය වී ඇත.
මේ අතර, සමගි ජන බලවේගය පක්ෂය වෙත ජන්දය ලබාදුන් ජනතාවගෙන් 36%ක්, වත්මක් ආණ්ඩුවට තවත් කාලයක් ලබා දියයුතු යන මතයේ සිටින බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබාදුන් පිරිසගෙන් 23%ක ප්‍රතිශතයක්ද එම මතයේම සිටින බවත් අනාවරණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart