March 23, 2024

කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයකුගේ අනුග්‍රහයෙන් ගෙලිඔය ප්‍රදේශයේ නව සුරාසැලක් විවෘත කර ඇතැයි පාර්ලිමේන්තුවේ දී ඊයේ ද කරුණු සඳහන් විය.

පානදුර අනගාරික ධර්මපාල පිළිරුව ආසන්නයේ නව සුරා සැලක් විවෘත කිරිමට බලපත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් තහවුරු කිරීමට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කළ සඳහනක් හේතුවෙන් මෙය සඳහන් කෙරිණි.

ලක්ෂ්මන් කිරිඇල්ල – “පසුගිය මාසයේ ගෙලිඔය ප්‍රදේශයේ අලුතින් බාර් එකක් ඇරියා. මම ඒ මන්ත්‍රීවරයාගේ නම කියන්න කැමැති නෑ. ඔහු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. ඔහුගේ අනුග්‍රහයෙන් තමයි එය විවෘත කර තිබෙන්නේ. ඒක හරි අශෝභනයි හැමතැනම බාර්.”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස – “මමත් මේ ගැන කරුණු ඊයේ අනාවරණය කළා. අලුතින් බාර් 200ක් අරින්න යනවා. එකකට කෝටි 02ක කප්පමක් ගන්නවා මැතිවරණ වලට කියලා, දැන් ඔය ගෙඔය බාර් එකක් ඇරියා කියන මන්ත්‍රීවරයා කෝප් එකේදී අර කටට ඇඟිල්ල තියලා ක්‍රියාකරපු කෙනායි.”