
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ පෞද්ගලික ආදායම් බදු ලිපිගොනු ලක්ෂ 05කින් බදු ගෙවනු ලබන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ දී තොරතුරු අනාවරණය වී ඇත.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කර ඇති නිවේදනයකට අනුව, මෙරට ලියාපදිංචි සීමිත සමාගම් 105,000ක් පවතින නමුත්, බදු ආදායමින් සියයට 82ක් ලැබෙන්නේ සමාගම් 382කින් පමණක් බව වාර්තා වේ.
එමෙන්ම මෙම වසර සඳහා රජය විසින් ලබා දී ඇති රුපියල් ට්‍රිලියන 1.6ක බදු ආදායම් ඉලක්කය පළමු මාස 06 තුළ සියයට 40කින් සහ ඉතිරි මාස 06 තුළ සියයට 60 කින් එම ඉලක්කය ඉපැයීමට අපේක්ෂා කෙරේ.
මෙරට සමාගම් ලියාපදිංචි කිරීම සඳහා ලබාදී ඇති දත්ත සත්‍ය නොවන බැවින් බදු අයකිරීමේදී ගැටලුවලට මුහුණදීමට සිදුව ඇති බව ද මෙම කමිටුවේදී අනාවරණය වී ඇත.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සම්බන්ධ කරන ඩිජිටල් දත්ත පද්ධතියක් හැකි ඉක්මනින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව මෙන්ම පෞද්ගලික බදු ගොනු රට තුළ නැවත ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද කමිටුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart