
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය හරහා සිදුවන මූල්‍ය වංචාවලට ගොදුරු වූ මහජනතාව පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි.
[email protected] යන විද්‍යුත් තැපෑල ඔස්සේ පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පණිවිඩයක් එවීමෙන් පැමිණිලි ගොනු කළ හැක.
ෆේස්බුක්, වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවීම හරහා මූල්‍යමය වශයෙන් වංචා කරන බවට සිදුවීම් කිහිපයක් වාර්තා වීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.
SMS හෝ වට්ස්ඇප් පණිවිඩ හරහා යවන සබැඳි විවෘත කිරීම හෝ එක්වරක් භාවිතය සඳහා දෙන මුරපද (OTP/ PIN), කේත හෝ මුල්‍ය ආධාර සඳහා වන ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදක්වන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart