
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම කටයුතු පිළිබඳව අසත්‍ය ප්‍රවෘත්ති පළකරන පුද්ගලයන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට හැකිද යන්න පිළිබඳව කථානායකවරයා සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීන් කණ්ඩායමක් සූදානමින් සිටින බව වාර්තා වේ.
පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රවෘත්ති පළවූ බවට චෝදනා එල්ල කෙරුණු අතර, ඒවා පළකළ පුද්ගලයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු දැඩි කනස්සල්ලෙන් පසුවන බවද දැනගන්නට ඇත.
මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිවරුන් පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාප්පක්ෂ සමඟද සාකච්ඡා කර ඇත.
මෙම වසර මැතිවරණ වසරක් නිසා තම පක්ෂයට එල්ල වන අසත්‍ය ප්‍රචාර බැවින් පක්ෂයේ ඡන්ද ව්‍යාපාරයටද බලපෑමක් සිදුවිය හැකි යැයිද, එම නිසා මෙම අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයන් පිළිබඳව වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයිද මෙහිදී සාකච්ඡා වී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ “ජාතික ජන බලවේගය” අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීම පිළිබඳව ඉදිරියෙන්ම සිටින බවද, මෙවැනි දේ සම්බන්ධව රටකට කිසියම් විනයක් අවශ්‍ය නිසා මෙවැනි පුද්ගලයන් පිළිබඳ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙන්වා කටයුතු කළ හැකිද යන්න පිළිබඳව කථානායක මහින්ද යාපා අබේවර්ධන සමඟ සාකච්ඡා කළයුතු බවද පොදුජන පෙරමුණු මන්ත්‍රීන් ප්‍රකාශ කර ඇත.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart