
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර ජනාධිපතිවරණයේදී නව ඡන්දදායකයින් මිලියනයක් පමණ දැකගත හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ තොරතුරු අනුව පෙනීගොස් තිබේ.
සැප්තැම්බර් 17 වැනිදායින් පසුව පැවැත්වෙන මීළඟ ඡන්ද විමසීමේදී මෙරට සමස්ත ඡන්දදායකයන් ප්‍රමාණය මිලියන 17. 1ක් වනු ඇති බව පැවසේ.
ඉන් ලක්ෂ 10ක් පමණ නව ඡන්දදායකයන් වනු ඇත.
මැතිවරණය පැවැත්වෙන දිනය මේ මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම අඟහරුවාදා (16) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජූලි 17 වැනිදා සිට ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීමට කොමිසමට බලය තිබේ.
සාමාන්‍යයෙන් වසරකට ලියාපදිංචි වන ඡන්ද දායකයන් ගණන ලක්ෂ දෙකකට ආසන්නය
අවසන් වරට මැතිවරණයක් පැවැත්වූයේ 2019 වසරේ වන බැවින් එතැන් සිට නව ඡන්ද දායකයන් මිලියනයක් පමණ මේ දක්වා ලියාපදිංචි වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 17.1කට වැඩි ඡන්ද දායකයන් සුදුසුකම් ලබනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart