
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවැති පළමු එක්දින තරගය කඩුලු 06ක ජයක් ලැබීමය ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද සමත්විය.
දඹුල්ලේ පැවති එම තරගයේදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ජයගත්තේ ගරුක සන්කේත්ගේ විශිෂ්ට පන්දු යැවීම මෙන්ම, රවිෂාන් නෙත්සර,දිනුර කලුපහන සහ සුපුන් වඩුගේ රැස්කළ අර්ධ ශතක හේතුවෙනි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 01ක් අවසානයේ ලකුණු 223ක් රැස්කර සිටියදී සියලුදෙනා දැවිගියහ.
ගරුක සන්කේත් කඩුලු 5ක් දවාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 43 යි එක් පන්දුවක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart