August 18, 2023

ජාතික විගණන කාර්‍යාලය මගින් නිකුත් කළ නවතම වාර්තාවක සදහන් වන්නේ, මෙරට ළමා ජනගහණය අනුව එක් ළමා රෝග ඇඳකට ළමුන් 724 දෙනකු සිටින බවයි.

වයස අවුරුදු 15ට අඩු ළමුන් සංඛ්‍යාව 8,466 465කි.

එහෙත් රෝහල් තුළ පවතින ළමා ඇඳන් සංඛ්‍යාව 11 693කි.

ළමා වාට්ටුවලට ඇතුළත්කර ගන්නේ වයස අවුරුදු 12ට අඩු ළමුන් පමණකි.

එහිදී විගණන දත්ත අනුව අනාවරණය වී ඇත්තේ එක් ළමා ඇඳකට ළමුන් 724 දෙනෙකු සිටින බව ය.

රත්නපුර, කෑගල්ල, ත්‍රිකුණාමලය, කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව, වවුනියාව, මාතලේ යන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලවලට අයත් රෝහල් වල ප්‍රමාණවත් තරම් ළමා රෝග ඇඳන් නොමැති බව මෙම විගණනය අනුව නිරීක්ෂණය වූවද, වැඩිම අර්බුදයකට මුහුණ පා ඇත්තේ ගම්පහ, කළුතර, නුවරඑළිය සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි රෝහල් බව වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.