
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටවල් 206ක නියෝජනයෙන් දින 16ක් පුරා ප්‍රංශයේ පැරිස් නුවර පැවැති ඔලිම්පික් උලෙළ අද (12) අවසන් වූයේ ඇමරිකාව පළමු තැනට පත්වෙමින්.
ඒ ,අවසන් මොහොතේ චීනය අභිබවමිනි.
අමෙරිකාව රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 44ක් සහ ලෝකඩ පදක්කම් 42ක් ඇතුළුව සමස්ත පදක්කම් 126ක් දිනාගත්තේය.
තරගාවලියේ ආරම්භයේ සිට ඊයේ දිනය දක්වා පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටි චීනය දෙවැනි ස්ථානයට පත්වූ අතර ඒ අනුව,ඔවුන් රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24ක් ඇතුළුව සමස්ත පදක්කම් 91ක් දිනාගැනීමට සමත්විය.
මෙවර ඔලිම්පික් උළේල පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානය ජපානයට හිමිවිය.
විචිත්‍රවත් වූ මෙවර ඔලිම්පික් සමාප්ති උලෙලේදි ශ්‍රී ලංකා ධජය ගෙනයෑමේ වගකීම තරුෂි කරුණාරත්නට සහ අරුණ දර්ශනට පැවරී තිබිණි.
මීළඟ 34 වැනි ඔලිම්පික් උලෙළේ සත්කාරකත්වය අමෙරිකාවට හිමිවන බව ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාච් එම සමාප්ති උත්සවයේදි නිල වශයෙන් දැනුම්දෙනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart