
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හැත්තෑහත් හැවිරිදි පුද්ගලයෙකුගේ ගෙළ සිරකර මරාදැමූ සැකකරුවකු පානදුර දකුණ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්හතර හැවිරිදි පානදුර මිනුවන්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වෙයි.
රාත්‍රී 8ට පමණ පසුපස දොරින් නිවසට ඇතුළු වූ සැකකරු වයෝවෘද්ධ පුද්ගලයා ඝාතනය කර නිවසේ තිබූ රූපවාහිනී යන්ත්‍රයක් ගෑස් ලිපක් හා සිලින්ඩරයක් සොරාගෙන මෘත ශරීරය නිවස පිටුපස කෙසෙල් පඳුරක සඟවා පළාගොස් තිබූ බව පොලිසිය අනාවරණය කරයි.
පානදුර දකුණ පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන සොරා ගත් භාණ්ඩ ද සොයාගත් බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart