
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සූරියකන්ද පොලීසියේ හිටපු ස්ථාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙක් කොළඹ මධ්‍යම අපරාධ ඒකකය විසින් ප්‍රශ්න කිරීම සදහා කැදවීමෙන් පසු අද (06)ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරයෙකි.
පොලිස් පරීක්ෂකවරයා සූරියකන්ද පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිටියදී මීට දින කිහිපයකට පෙර රත්නපුර පොලිසියට මාරුකළ නිලධාරියෙක් බවද පොලීසිය පැවසීය .
ගෝනකු දඩයම් කිරීමේ සිද්ධියකට මොවුන් සම්බන්ධ බවට පසුගිය දිනවල වල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ලෙස ප්‍රචාර විය.
සිවිල් ඇදුමින් සැරසී ගිනිඅවියක් අතැතිව යන දර්ශන පවා සමාජ මාධ්‍යයේ පළවිය.
ඒ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය විසින් මුලින් විමර්ශනයක් කරනු ලැබීය.
ඒ අතරදී ස්ථානාධිපතිවරයා මාරුකරනු ලැබීය.
06දා ඔහුට සහ එම දඩයම් සිද්ධියට සම්බන්ධ බවට සැකකරන කොස්තාපල්වරයා කොළඹට කැදවා තිබිණි.
මීට මාස එකහමාරකට පමණ ඉහතදී රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට අයත් ගංජා වගාවක් වැටළූ බවට සිද්ධියක් ඇතිවන අවස්ථාවේ සූරියකන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේද මෙම නිලධාරියා බවද පොලීසිය පැවසීය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart