
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග 02 සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශුරතාව දිනාගත් චෙන්නායි පිල නියෝජනය කල මතිෂ පතිරණ මෙම සංචිතයට කැඳවා ඇත.
ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නද වසර දෙකකට පසුව කණ්ඩායමට කැදවා තිබේ.
එමෙන්ම දුෂ්මන්ත චමීරද වසරකට පසුව කණ්ඩායමට කැදවා ඇත.
මේ අතර කුසල් ජනිත් පෙරේරා සහ වනිදු හසරංග සංචිතයට නම් කළ ද ශාරීරික යෝග්‍යතාව මත ඔවුන් ක්‍රීඩා කරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.
දුෂාන් හේමන්ත ද පළමු වරට ශ්‍රී ලංකා එක්දින සංචිතයට නම්කර තිබේ.
ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පලමු එක්දින තරග දෙක ලබන මස 02 සහ 04 යන දිනවල හම්බන්තොට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
නම්කර ඇති ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය:
දසුන් ශානක – නායක
පැතුම් නිස්සංක
දිමුත් කරුණාරත්න
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
සදීර සමරවික්‍රම
චාමික කරුණාරත්න
දුෂාන් හේමන්ත
වනිඳු හසරංග
ළහිරු කුමාර
දුෂ්මන්ත චමීර
කසුන් රාජිත
මතීෂ පතිරණ
මහීෂ් තීක්ෂණ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart