
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකානු නාවික උපාධිධාරී විද්යාලයෙන් ශ්රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් පියුමි කත්රිආරච්චි ලබාගත් පශ්චාත් උපාධියට අදාළ සහතිකය, ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති එරික් මේයර් විසින් කොළඹ පිහිටි ඇමෙරිකානු මධ්යස්ථානයේදී පැවැති උත්සවයකදී ඇය වෙත නිල වශයෙන් ප්රදානය කර තිබේ.
මෙම අවස්ථාව සඳහා ශ්රී ලංකා නාවික හමුදාවේ පුහුණු අධ්යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසෆ් සහ මාධ්ය අධ්යක්ෂ කමාන්ඩර් සී ආර් පී වළාකුළුගේ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
කැලිෆෝනියාවේ මොන්ටෙරේ හි පිහිටි ඇමෙරිකානු නාවික උපාධිධාරී විද්යාලයේ ‘ආරක්ෂක සම්පත් කළමනාකරණය’ පිළිබඳ පශ්චාත් උපාධිය හදාරමින්, 4.0 න් 3.98 ක විශිෂ්ට GPA අගයක් ලබාගැනීමට ලුතිනන් කමාන්ඩර් කත්රිආරච්චි සමත් වී ඇත. ඒ අනුව ඇය එම පාඨමාලාව හදාරන ලද සමස්ත කණ්ඩායමේ ඉහළම කුසලතා දැක්වූවන් අතරට එක්වෙමින් ගෞරව සාමාර්ථයක් සහිතව සමත් වී තිබේ.
මීට අමතරව, ඇය විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණාත්මක නිබන්ධනය වෙනුවෙන් පිරිනමනු ලබන ‘විශිෂ්ටතම නිබන්ධනය සඳහා වන NPS සම්මානය’ (NPS Outstanding Thesis Award) මෙන්ම, වසරකට අන්තර්ජාතික සිසුන් දෙදෙනකුට පමණක් පිරිනමන ‘මොන්ටෙරේ කිවානිස් සමාජයේ විශිෂ්ටතම අන්තර්ජාතික ශිෂ්ය සම්මානය’ (Kiwanis Club of Monterey Outstanding International Student Award) දිනාගැනීමට ද ඇය සමත් වූවාය.
දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීම සහ ශ්රී ලංකා සන්නද්ධ හමුදාවන්හි වෘත්තීය නිපුණතාව ඉහළ නැංවීම වෙනුවෙන් ක්රියාත්මක වන ඇමෙරිකානු ‘අන්තර්ජාතික හමුදා අධ්යාපන හා පුහුණු’ වැඩසටහන යටතේ ඇයගේ මෙම පශ්චාත් උපාධි අධ්යයන කටයුතු සඳහා පූර්ණ අනුග්රහය හිමිව තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාව මුහුණ දෙන අමතර කොටස් ප්රසම්පාදන ගැටලු සහ නාවික හමුදාවේ සැපයුම් සේවා හා මෙහෙයුම් සූදානම කෙරෙහි බලපාන ප්රායෝගික ගැටලුවලට විසඳුම් සෙවීම පදනම් කරගනිමින් ඇය මෙම සම්මානනීය පර්යේෂණය සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart