October 11, 2024

ඉදිරි 2024 පාර්ලිමේන්තු මැතිවරණයට මෙරට ප්‍රකට ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකු තරග කිරීම සඳහා නාමයෝජනා භාරදී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරඟ කිරීම සඳහා ක්‍රීඩා මාධ්‍යවේදී සහ ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති කරුප්පයියා රාමක්‍රිෂ්ණන් නාමයෝජනා භාරදී ඇත.

ජනමාධ්‍යවේදී A.R.V ලෝෂන් නාමයෝජනා භාරදී ඇත්තේ මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ කණ්ඩායමෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමගි ජන බලවේගය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයෙන් පිළිවෙළින් රූපවාහිනී ආයතනයක ජනමාධ්‍යවේදීන් වන ශ්‍රීපාල් වන්නිආරච්චි සහ ධනංජය නාරංබැද්ද මැතිවරණයට ඉදිරිපත් වේ.

මාධ්‍යවේදී මහේෂ් සේනානායක ද සමගි ජන සන්ධානය නියෝජනය කරමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කරයි.

පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් මහජන සුබසාධන පෙරමුණ නියෝජනය කරමින් ජනමාධ්‍යවේදී එරන්ද වනිගසේකර කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙයි.

42.31%
17.27%
32.76%