
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බලශක්ති විකල්පයන් පිළිබඳව ගවේෂණය කරමින් සිටින බවත්, රුසියාව, ඉන්දියාව, යුරෝපීය රටවල්, එක්සත් ජනපදය වැනි පාර්ශව විවිධ තාක්ෂණයන් යටතේ ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික බලාගාර ලබාදීමට යෝජනා ඉදිරිපත් කර ඇති බවත් රජය ප්‍රකාශ කරයි.
ජනමාධ්‍ය හමුවක් අමතමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ(04) කියා සිටියේ ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බලශක්ති විකල්පයන් ගවේෂණය කරමින්, අදාළ රටවලින් ඉදිරිපත් කර ඇති යෝජනා තක්සේරු කරමින් සිටින බවයි.
“2023-2042 ජනන සැලැස්මට එය ඇතුළත් කිරීමට සැලසුම් කර තිබෙනවා. න්‍යෂ්ටික බලශක්ති විකල්පයන් ගවේෂණය කිරීම කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා. අපේ රටට න්‍යෂ්ටික බලශක්තියේ යෝග්‍යතාවය සහ ශක්‍යතාව පිළිබඳව පුළුල් ඇගයීමක් සිදුකරලා, ඒ අනුව පසුව තීරණ ගනු ලබනවා” යැයි ඇමැතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart