
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව කරන චෝදනා සියල්ල පදනම් විරහිත බවත්, ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම පක්ෂය පවසයි.
මැතිවරණ කොමිසම විසින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ලියාපදිංචි කිරීම අභියෝගයට ලක්කරමින් අඟහරුවාදා (6) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබේ.
‘විනිවිද පදනම’ දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණයට එරෙහිව ගොනු කර ඇති පෙත්සමකට අදාළව විනිවිද පදනමේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මෙම මෝසම ඉදිරිපත් කර ඇත.
කොඩිතුවක්කු කියා සිටින්නේ ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103(2) වගන්තියට අනුව එක් පක්ෂයක විවිධ ශාඛා වෙන් වෙන් දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව ඔහු කියා සිටී.
එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ අයිතිය ද උල්ලංඝනය කිරීමක් බව කොඩිතුවක්කු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ පසුබිම යටතේ ජාතික ජන බලවේගයේ සාමාජික නීතිඥ සුනිල් වටගල පැවසුවේ ජාතික ජන බලවේගයට මෙම ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති නමුත් කොඩිතුවක්කු විසින් ජාතික ජන බලවේගයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් චෝදනා කර ඇති බවට ඇතැම් ජනමාධ්‍ය වාර්තා පළ වූ බවයි.
එම කණ්ඩායම එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත්, එබැවින් මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය එම පාර්ශ්වයට පිළිතුරු දීමට නොයන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ජාතික ජන බලවේගය ලියාපදිංචි කිරීමේදී අවශ්‍ය සියලුම ප්‍රමිතීන් අනුගමනය කර ඇති බවත්, එබැවින් කිසිදු ගැටලුවක් මතු නොවන බවත් ඔහු සඳහන් කළේය.
“අපි කලබල වෙලා කියපු කෙනාට උත්තර දෙන්න යන්නේ නැහැ. අපි ප්‍රමිතීන් අනුගමනය කර තිබෙන බව අපි දන්නවා. ඉදිරියේදී මෙවැනි අභියෝග රැසක් අපි බලාපොරොත්තු වෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.(The morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart