
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය, වඩමාරච්චි නිරිතදිග ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී චන්ද්‍රකුමාර් ගනේෂරූබන්, පෞද්ගලික නිවසකට අනිසි ලෙස ඇතුළු වී පහරදීමක් සිදුකළ බවට වන චෝදනා මත අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
නෙල්ලිඅඩිය ප්‍රදේශයේ පිහිටි විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකුගේ නිවසකට ගල් ප්‍රහාර එල්ල කරමින් ප්‍රහාරයක් එල්ල කිරීම සහ එම පරිශ්‍රයේ සවි කර තිබූ ආරක්‍ෂිත කැමරා පද්ධතියට හානි සිදුකිරීම සම්බන්ධයෙන් මෙම ජාතික ජන බලවේග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී ඇත. අදාළ නිවැසියන් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් ස්ථානය වෙත රැගෙන ආ අදාළ පිරිසගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, ඔවුන් පොලිස් ඇප මත මුදාහැරීමට පියවර ගෙන ඇත.
මේ අතර, අදාළ සිදුවීමත් සමග ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සිය තනතුරෙන් මෙලෙස ඉල්ලා අස්වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart