
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විපක්ෂය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට අදාළව සිදුවෙමින් පවතින අධිකරණ ක්‍රියාවලිය අඩපණ කිරීමට වීපක්ෂය උත්සාහ කරන බව ජාතික ජන බලවේගයේ නීතිඥවරු අද (24) ජනමාධ්‍ය හමුවක් පවත්වමින් කියාසිටියහ.
ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම එහිදී පැවසුවේ, විපක්ෂය නැවත නැවතත් අධිකරණයේ තීරණය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අධිකරණයට අපහාස කිරීමක් වන අතර, අධිකරණය කෙරෙහි මහජන අවිශ්වාසයක් ඇති කරන බවයි.
රනිල් වික්‍රමසිංහ තම ධුර කාලය තුළ එක්සත් රාජධානියට පෞද්ගලික සංචාරයක් සඳහා පවුම් 44,000 කට වඩා රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපළ පනත යටතේ චෝදනාවලට මුහුණ දී සිටින බවත්, ඒ සඳහා ඔහුගේ බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම ද ඇතුළත් බවත් ඔහු සඳහන් කළේය.
පොදු දේපළ පනත යටතේ, රුපියල් 25,000 ට වැඩි රාජ්‍ය අරමුදල් අවභාවිතය අපරාධ වරදක් ලෙස සලකනු ලබන බවත්, ඇප සඳහා සුවිශේෂී හේතු ඉදිරිපත් නොකළහොත් නඩු විභාගය අවසන් වන තෙක් සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත්කළ හැකි බවත් උපුල් කුමාරප්පෙරුම අවධාරණය කළේය.
නීතිඥ අකලංක උක්වත්ත පැවසුවේ මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයකු අපරාධ නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව බවයි.
සාක්ෂිකරුවන් 32 දෙනෙකුගේ සාක්ෂි සහ ආධාරක ලේඛන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, එක්සත් රාජධානියේ සංචාරය නිල කටයුත්තක් නොවන බවත් ඔහු පෙන්වාදුන්නේය.
චෝදනා ගොනුකිරීමට පෙර දීර්ඝ පරීක්ෂණයක් සිදුකර ඇති බව නොසලකා හරිමින් නඩුව දේශපාලන පළිගැනීමක් ලෙස නිරූපණය කිරීමට විපක්ෂය උත්සාහ කරන බව ඔහු තවදුරටත් පැවසීය.
මහේස්ත්‍රාත්වරියගේ තීන්දුවට විපක්ෂය එකඟ නොවන්නේ නම්, නිසි ක්‍රියාමාර්ගය වන්නේ අධිකරණ ස්වාධීනත්වය අපකීර්තියට පත්කරන මහජන ව්‍යාපාර දියත් කිරීම නොව ඉහළ අධිකරණවලට අභියාචනා කිරීම බව නීතිඥ හේමක සේනානායක පැවසීය.
අධිකරණයේ නීතිමය තර්ක ඉදිරිපත් කිරීම වෙනුවට මහජනතාව උසිගැන්වීම සඳහා අසාර්ථක කුමන්ත්‍රණවලට යොමුවන බවට ඔහු විපක්ෂයට චෝදනා කළේය.
නීතිය ඉදිරියේ සමානාත්මතාවයේ මූලධර්මය ජනාධිපතිවරුන්ට, ඇමතිවරුන්ට සහ සාමාන්‍ය පුරවැසියන්ට සමානව අදාළ වන බව නීතිඥ ජයන්ත දෙහිඇත්තගේ පැවසූ අතර, ව්‍යතිරේක නොමැතිව නීතියේ ආධිපත්‍යය සහතික කිරීමට රජයට ජනවරමක් ඇති බව අවධාරණය කළේය.
ගෝලීය පූර්වාදර්ශයන්ට අනුව නායකයන් විමර්ශනය කර නඩු පවරනු ලබන බව පෙන්නුම් කරන බවත්, ශ්‍රී ලංකාව පමණක් ඉන් වෙනස්විය යුත්තේ මන්දැයි ප්‍රශ්න කරන බවත් ඔහු සඳහන් කළේය.
අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ දිය යුතු බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ වැඩිදුරටත් සඳහන් කළ අතර, අධිකරණයෙන් පිටත විපක්ෂයේ අඛණ්ඩ විවේචන අපහාසයක් හා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීමේ අවදානමක් ඇති බවට අනතුරු ඇඟවූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart