
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය කිසිදු පෙත්සමක් ගොනු කර නොමැති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න වෙත ලිපියක් යවමින් පවසයි.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත සැප්තැම්බර් 15 වැනි දා ලිපියක් යවමින් අර්සකුලරත්න වාර්ගික හා ආගමික අසමගිය ඇති කිරීමට උත්සාහ කර ඇති බවට ජයසූරිය චෝදනා කළේය.
එය විභාග වෙමින් පවතින නඩුවක කරුණු විකෘති කිරීමට ගත් නිෂ්ඵල උත්සාහයක් බවත් එය අර්සකුලරත්නගේ මනාප අපේක්ෂකයාට ඡන්දය ලබාගැනීමේ මංමුලා සහගත, අවසන් මොහොතේ ගත් උත්සාහයක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart