
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනාගත ජාතික ජන බලවේගයේ රජයක් යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ විදේශීය ආයෝජකයකු සමඟ හවුල් ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
කන්තලේ පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ ත්‍රිකුණාමලයේ පිරිපහදුවක් ඉදිකර ත්‍රිකුණාමලය වරාය හරහා ඉන්ධන අපනයනය කිරීමට ද කටයුතු කරන බවයි.
“අපට තෙල් ටැංකි 99ක් තිබෙනවා. එක ටැංකියක මෙට්‍රික් ටොන් 10,000ක් සහ මුළු ටැංකි සංකීර්ණයේම මෙට්‍රික් ටොන් මිලියනයක් ගබඩා කරන්න පුළුවන්. අපේ අවශ්‍යතාවට වඩා වැඩි ගබඩා ධාරිතාවක් තියෙනවා. ත්‍රිකුණාමල වරාය පිහිටා තිබෙන්නේ උපාය මාර්ගික ස්ථානයකයි. ඒ නිසා අපිට පුළුවන් තෙල් අපනයනය කරන රටක් වෙන්න. ත්‍රිකුණාමලයේ පිරිපහදුවක් ඇතිකර අපේ ටැංකිවල පිරිපහදු කළ ඉන්ධන ගබඩා කර වරාය හරහා වෙළෙඳපොළට යැවීමට අවශ්‍යයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තනිව ව්‍යාපෘතිය ආරම්භ කළ නොහැකි බව පැවසූ දිසානායක, සිය රජයක් යටතේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ විදේශීය ආයෝජකයකු සමඟ හවුල් ව්‍යාපාරයක් ලෙස ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයට ජීවය ලබා දෙන බව පැවසීය.
“තෙල් ටැංකි දැන් නාස්ති වෙලා. අපිට ඒකට පණ දෙන්න පුළුවන්” යැයි ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart