
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් ශුරතාව දිනාගත් සර්බියාවේ නොවැක් ජෙකොවිච්ට වැඩිම ග්‍රැන්ඩ් ස්ලෑම් ටෙනිස් ශුරතා දිනාගෙන ඇති ඕස්ට්‍රේලියාවේ මාග්‍රට් කෝට් සමකිරීමට අවස්ථාවක් හිමි වෙයි.
ජුලි මස 03 වනදා එංගලන්තයේ දි ආරම්භ වන විම්බල්ඩන් ටෙනිස් ශුරතාවලියේදි ජෙකොවිච්ට එම අවස්ථාව හිමිවන අතර මාග්‍රට් කෝට් ග්‍රැන්ඩ් ස්ලෑම් 24 ක් ජයගෙන පෙරමුණේ පසුවෙයි.
ෂෙරිනා විලියම්ස් ග්‍රැන්ඩ් ස්ලෑම් ශුරතා 23ක් දිනාගෙන සිටි අතර, ඒ අනුව නොවැක් ජෙකොවිච් වැඩිම ග්‍රැන්ඩ් ස්ලෑම් දිනූ ක්‍රීඩක ක්‍රිඩිකාවන් අතර ෂෙරීනා හා සම තත්ත්වයේ පසුවෙයි.
නොවැක් ජෙකොවිච් වැඩිම ග්‍රැන්ඩ් ස්ලෑම් (23) දිනාගත් ටෙනිස් ක්‍රිඩකයා බවට මෙි වන විට පත්ව අවසන් අතර, ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් ග්‍රැන්ඩ් ස්ලැම් 22ක් දිනාගෙන දෙවන තැනට පත්ව සිටී.
රෝජර් ෆෙඩර්ර් ග්‍රැන්ඩ් ස්ලැම් 20ක් දිනාගෙන ඇත. ෆෙඩර්ර් මේ වන විටත් ටෙනිස් පිටියට සමුදී ඇති අතර රෆායල් නඩාල් වසරක කාලයක් අබාධයකට ලක්ව සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart