
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය වැඩ තහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂ ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙනුවෙන් පෙනීනොසිටින බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ඒ, අදාළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී එම පෙත්සම කැඳවා තිබේ.
එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ, පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙනුවෙන් මින් ඉදිරියට නීතිපතිවරයා පෙනීනොසිටින බවයි.
ඒ අනුව එම වගඋත්තරකරුවන්ට පෞද්ගලික නීතිඥවරු ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බව විනිසුරු මඩුල්ල පෙන්වා දී ඇති අතර පෙත්සම යළි සළකා බැලීම ලබන පෙබරවාරි මස 03 වනදා තෙක් කල්තැබිණි.
2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ තමන්ව, ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරුකර, ඉන් අනතුරුව සිය වැඩතහනම් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශානි අබේසේකර විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart