May 25, 2026

මුදල් මුද්‍රණය, මුදල් සැපයුම සහ විනිමය අනුපාත පිළිබඳ නොමඟ යවන ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට අනතුරු අඟවා තිබේ.

එවැනි විෂයයන් එම ක්ෂේත්‍රවල තාක්ෂණික විශේෂඥතාවක් ඇති පුද්ගලයන් විසින් පැහැදිලි කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එවැනි විශේෂඥතාවක් නොමැති පාර්ශවයන් නොමඟ යවන ප්‍රකාශ නිකුත් කරන බවත්, මහජනතාව ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙසත්, නොමඟ නොයන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටියි.