
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිපතිවරයාගේ කාර්යභාරයට සහ ස්වාධීනත්වයට බලපෑම් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එල්ලවන අසාධාරණ විවේචන සහ මැදිහත්වීම් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළකර සිටියි.
අද දින(20) නිකුත්කරන ලද විශේෂ නිවේදනයක් මගින් නීතිඥ සංගමය අවධාරණය කරන්නේ, නීතිපතිවරයා විසින් සිදුකරනු ලබන “අර්ධ-විනිශ්චයකාරී” (Quasi-Judicial) කාර්යභාරයට බාධාකිරීම නීතියේ ආධිපත්‍යයට එල්ල වන තර්ජනයක් බවයි.
නීතිපතිවරයා යනු “ජනප්‍රිය මතය” ක්‍රියාත්මක කරන්නෙකු නොවේ. නීතිපතිවරයා අධිචෝදනා ගොනු කිරීම හෝ නඩු පැවරීම සම්බන්ධයෙන් තීරණ ගතයුත්තේ මහජන මතය හෝ හැඟීම් මත නොව, ඉදිරිපත් කර ඇති සාක්ෂිවල නීතිමය වලංගුභාවය මත පමණක් බව නීතිඥ සංගමය සිහිපත් කරයි.
“නීතිමය තීරණ සමහර විට ජනප්‍රිය මතයට වඩා වෙනස් විය හැකියි. නමුත් නීතියේ ආධිපත්‍යය පවතින්නේ එවැනි තීරණ ‘සමාජ මාධ්‍ය නඩු විභාග’ වලින් ආරක්ෂා කිරීමටයි,” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.
නිසි පරීක්ෂණයක් ලැබීම පුරවැසි අයිතියකි:
1998 වසරේ වික්ටර් අයිවන් එදිරිව සරත් එන්. සිල්වා නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාර්ක් ප්‍රනාන්දු කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් නීතිඥ සංගමය පවසන්නේ, සෑම පුරවැසියෙකුටම තමන්ට එරෙහිව හෝ තමන් විසින් කරනු ලබන පැමිණිල්ලක් සම්බන්ධයෙන් සාධාරණ සහ කඩිනම් පරීක්ෂණයක් ලැබීමට අයිතියක් ඇති බවයි. නීතිපතිවරයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුත්තේ එමගින් සමස්ත පුරවැසියන්ටම නීතියේ රැකවරණය සහතික වන බැවිනි.
අධිකරණයේ පිහිට පැතීමේ අවස්ථාව:
නීතිපතිවරයාගේ තීරණයක් අසාධාරණ යැයි යමෙකු සිතන්නේ නම්, ඒවා විවේචනය කිරීමට පුරවැසියාට අයිතියක් තිබුණද, එය කළ යුත්තේ නීතිමය රාමුව තුළ බව නීතිඥ සංගමය අවධාරණය කරයි.
නීතිපතිවරයාගේ තීරණ අභියාචනාධිකරණය හමුවේ ‘රිට්’ ආඥාවක් මගින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ‘මූලික අයිතිවාසිකම්’ පෙත්සමක් මගින් අභියෝගයට ලක් කිරීමට ඕනෑම අයෙකුට හැකියාව පවතින බව එහි දැක්වේ.
රජයට කළ ඉල්ලීම:
අවසාන වශයෙන්, නීතිපති කාර්යාලයේ නිලධාරීන්ට එල්ල වන අනවශ්‍ය බලපෑම් සහ බාධා කිරීම් වැළැක්වීමට රජය සහ නීතිය බලාත්මක කරන ආයතන වහාම පියවර ගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටියි. දේශපාලනික හෝ පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය පාවා නොදිය යුතු බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart