November 18, 2023

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන ඒකකය, එහි අධි පීඩන තාපක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අක්‍රිය වී ඇත.

ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කාලය තුළ ජල විදුලිය උපරිම ධාරිතාවයෙන් උත්පාදනය වන බැවින් විදුලි සැපයුම බාධාවකින් තොරව පවතිනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ අතර නඩත්තු කටයුතු අවසන් කෙරෙමින් පවතින නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රයේ මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් බවද ලංවිම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.