
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර දළදා මාළිගාවේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ විශේෂ ප්‍රදර්ශනයේදී කිසිවෙකුට මනාප හෝ ප්‍රභූ සැළකිලි ලබානොදෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
දේශපාලන රැස්වීමක් අමතමින් අමාත්‍ය ලාල් කාන්ත පැවසුවේ, තමාට මිතුරන්, පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් විශාල සංඛ්‍යාවක් සිටියද, බුදුරජාණන් වහන්සේගේ පූජනීය දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට පහසු ප්‍රවේශයක් ලබාදෙන ලෙස එම කිසිදු පුද්ගලයකු තමාගෙන් ඉල්ලා නොසිටි බවයි.
ජාතික මට්ටමින් දේශපාලන සංස්කෘතිය වෙනස් වන විට, බිම් මට්ටමේ මහජනතාව ද එය වැළඳගන්නා බව අමාත්‍යවරයා පැවැසීය.
ජාතික දේශපාලනය තුළ අවශ්‍ය වෙනස සිදුවී ඇති බවත්, මැයි 6 වැනිදා පළාත් පාලන ආයතන පරිවර්තනය කිරීම සඳහා මහජනතාව ඡන්දය ප්‍රකාශ කළයුතු බවත් අමාත්‍ය ලාල්කාන්ත සඳහන් කළේය.
මේ අතර, මහනුවර දළදා මාලිගාවේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ විශේෂ ප්‍රදර්ශනයේ සිව්වැනි දිනයේදී බැතිමතුන් 130,000 කට ආසන්න සංඛ්‍යාවක් බුදුරජාණන් වහන්සේගේ පූජනීය දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගෙන ඇත.
ශ්‍රී දළදා වහන්සේ පිළිබඳ විශේෂ ප්‍රදර්ශනය අද දින පෙ.ව. 11.00 සිට අඛණ්ඩව පස්වැනි දිනටත් පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart