
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමාට දඬුවම් පනවන්නේ නම්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර යන අයටද දඬුවම් පැනවිය යුතු බව ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සඳහන් කරයි.
පාර්ලිමේන්තු සභාගර්භයේදී පෙරේදා (21) සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමුකරමින් රාජ්‍ය ඇමැතිවරයා පෙන්වාදී ඇත්තේ, පාර්ලිමේන්තු නියමයන් උල්ලංඝනය කර ඇත්තේ තමන් පමණක් නොවන බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර යන අයගේ හැසිරීම මගින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත යටතේ නියමයන් උල්ලංඝනය කර ඇතැයි ඔහු එම ලිපියෙහි දක්වා ඇත.
එම නිසා ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් ද කථානායකවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව සුදුසු දඬුවමක් ලබා දෙන ලෙස රාජ්‍ය ඇමැතිවරයා එම ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart