
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීති කඩ කළ කිසිදු තොග වෙළෙන්දකු සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 2023 වසරේදී නීතිමය පියවර ගෙන නොමැති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවේ අනාවරණ වී තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුවට කියා සිටියේ විශාල ව්‍යාපාරවලට එරෙහිව ක්‍රියා කිරීමට තමන්ට බලයක් නොමැති බවයි.
පනත සංශෝධනය කරමින් පවතින බවත්, අවසන් කෙටුම්පත ඉදිරි සති හය ඇතුළත ඉදිරිපත් කළ හැකි බවත් එම නිලධාරීන් ප්‍රකාශ කර ඇත.
කෝප් සාමාජිකයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට පෙන්වා දී ඇත්තේ 2021 වසරේදී නීති කඩ කළ තොග පොහොර වෙළෙඳුන්ට එරෙහිව සිදු කර ඇත්තේ එක් වැටලීමක් පමණක් බවයි.
ඒ වෙළෙඳ පොළේ බරපතළ පොහොර හිඟයක් පැවැති සහ වෙළෙඳුන් වෙළෙඳ පොළ හසුරුවන බවට නිතර පැමිණිලි එල්ල වූ කාලයකි.
2022 දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් තොග වෙළෙඳුන්ට එරෙහිව වැටලීම් 20ක් පමණක් සිදුකර ඇති අතර 2023 දී එක වැටලීමක් හෝ සිදු කර නොමැති බව කෝප් කමිටුව පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (වැටලීම් සහ විශේෂ විමර්ශන) ප්‍රදීප් කළුතරආරච්චි කියා සිටියේ පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව 2023 වසරේදී වැරදි තොග වෙළෙඳුන්ට එරෙහිව එකදු පැමිණිල්ලක්වත් ලැබී නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart