
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඒ ඒ අමාත්‍යාංශවල වියදම් පියවා ගැනීම සහ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ආපසු ගෙවීම සඳහා දේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් අරමුදල් රැස්කර ගන්නවා විනා අමුතු දෙයක් මේ දිනවල සිදුනොකරන බව ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක පත්වීමෙන් පසු දේශීය, විදේශීය ණය ගැනීම් වැඩි වී ඇතැයි ඇතැමකු නඟන චෝදනා සම්බන්ධයෙන් ‘දිනමිණ’ කර ඇති විමසිමකට පිළිතුරු දෙමින් මහාචාර්යවරයා ඒ බව පවසා ඇත.
“ආණ්ඩුවකට එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට, එම සේවා ඉදිරියට පවත්වාගෙන යෑමට අරමුදල් අවශ්‍යයි. සෑම සතියකම භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීම මඟින් මහබැංකුව අරමුදල් රැස් කර ගන්නවා. ඒ වගේම නියමිත දිනට කල්පිරෙන ඒවාට ආපසු ගෙවීම් සිදුකරනවා. මේ සාමාන්‍ය ක්‍රියාවලියක්. එම ක්‍රියාවලිය මේ දිනවලත් සිදුවනවා. නව ජනාධිපතිවරයා පත්වූවා යැයි කියා විශේෂයක් නැහැ.
අලුතින් ණය ගැනීම් සිදුකිරීමක් සිදුකර නැහැ. සාමාන්‍ය පරිදි අරමුදල් රැස්කිරීමක් පමණයි සිදුකරන්නේ. ඒ හැරෙන්නට දේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් විශේෂ, අමුතු වැඩකට හෝ අසාමාන්‍ය ආකාරයකට හෝ අරමුදල් රැස්කිරීමක් සිදුකර නැහැ. මාධ්‍ය මඟින් පෙන්වාදෙන ආකාරයට දේශීය හෝ විදේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් අප ණය ලබාගෙන ඇත්දැයි සොයාබැලීමක් කළ යුතුයි” යැයි ද මහාචාර්යවරයා අවධාරණය කරයි.
“මූල්‍ය වෙළෙඳපොළ ස්ථායීකරණය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම. ඒ සඳහා ඔවුන් පසුගියදා එක්සත් ජනපද ඩොලර් මිල දී ගැනීමක් සිදුකර තිබෙනවා. එය නව ජනාධිපතිවරයා පත්වීමට පෙර කළ දෙයක්. අපි ඒ සම්බන්ධයෙනුත් සොයාබැලීමක් කළ යුතුයි. දේශීය වෙළෙඳපොළෙන් අරමුදල් රැස්කර ගැනීම සම්බන්ධයෙන් කොපමණ මුදලක් රැස් කර තිබේ ද? යන්න පිළිබඳ සොයා බැලීමට කටයුතු කරනවා” යැයි මහාචාර්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේයර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart