
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ, පැමිණීමේ විවේකාගාර පරිශ්‍රයේ රියදුරන් නොමැතිව වාහන නවතා තැබීමට ඉඩ නොදීමට තීරණය කර ඇති බව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම අද නිවේදනය කර ඇත.
එම සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය කියා සිටියේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ පැමිණීමේ විවේකාගාර පරිශ්‍රයේ රියදුරන් නොමැති වාහන නවතා තැබීම තහනම් කිරීමට තීරණය කළේ මාර්ග තදබදය අවම කිරීම සහ වාහන ගමනාගමනය විධිමත් කිරීම සඳහා බවයි.
මගියකු නංවා ගැනීම සඳහා නියමිත වේලාවට පමණක් වාහන පැමිණීමේ විවේකාගාරයට පැමිණිය යුතුය.
රියදුරු පැමිණ සිටියද කිසිදු වාහනයක් පැමිණීමේ විවේකාගාරයේ විනාඩි 30කට වැඩි කාලයක් ගාල් කිරීමට අවසර ලබා නොදෙන බව සභාපති ගල්කැටිය පවසයි.
පැමිණීමේ විවේකාගාරයේ වාහනයක් විනාඩි 30කට වඩා වැඩි කාලයක් නවතා තදබදයක් ඇති කරමින් සහ අණ නොසළකා හැර කටයුතු කළහොත් ගුවන් තොටුපළෙන් පිටවන විට අමතර ගාස්තුවක් අය කරන බව ඔහු පෙන්වා දෙයි.
ගුවන් මගීන්ට ගුණාත්මක සේවාවක් සැපයීම මෙම පියවරේ අරමුණ වන අතර එය ගුවන් තොටුපළේ ආරක්ෂාව ද සහතික කරන අතරම අනවසර වාහන සහ පුද්ගලයන් ඇතුළුවීම වැළැක්වීමට උපකාරී වනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart