
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් මෝටර් රථ ධාවන තරගය අනතුර සිදුවූ බිහිසුණු අනතුර සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය මේ දක්වා පුළුල් පරීක්ෂණයක් දියත් කර නොමැති බව අනාවරණ වී තිබේ.
මෙරට මෝටර් රථ ධාවන වංශකතාවේ විශාලතම අනතුර වූ දියතලාවේදී වූ මෙම අනතුරෙන් අට හැවිරිදි දැරියක් ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබිණි.
ඒ, රියදුරන්ගේ පෙනීමට බාධා මතුකළ දූවිල්ල මැද මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන නරඹන්නන් අතරට කඩා වැදීමෙනි.
කෙසේවෙතත්, වාර්තා වන පරිදි ක්‍රීඩා සඳහා වන එකම බලධාරියා වන ක්‍රීඩා අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් තවමත් ක්‍රියාකර නොමැති අතර, එය තවත් නොවැළැක්විය හැකි සිදුවීමක් ලෙසට සීමා කර ඇති බවට දැනගන්නට තිබේ.
ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව ගැන නිසි සැළකිල්ලක් නොදැක්වූ බවට පසුගිය දිනවල සංවිධායකයන්ට චෝදනා එල්ල වී තිබිණි.
ධාවන පථය ආරම්භ කිරීමට පෙර බොරළු පිරි ධාවන පථයේ ඇති දූවිලි වැළැක්වීමට ධාවන පථයට ප්‍රමාණවත් ලෙස ජලය දැමීමට උත්සව සංවිධායකයන් කටයුතු කර නොතිබූ බවද අනාවරණ වී තිබේ.
මෝටර් රථ ධාවන විශ්ලේෂකයන්ට අනුව, සුපර් ක්‍රොස් තරඟාවලියක් පැවැත්වීමේ රෙගුලාසිවලට අනුකූලව ධාවන පථය සකස් කිරීමට ඔවුන් අසමත් වීම මගින් සංවිධායකයන්ගේ දැඩි ආධුනිකත්වය හෙළිදරව් වී ඇත.
තවද යුද හමුදාව ධාවන තරඟයට පෙර කළ සූදානම් කිරීමේ කාර්යය කුමක්ද යන්න පිළිබඳවද ප්‍රශ්න මතු වී තිබේ.
(The daily Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart