
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කළ හැකි කරුණු කිසිවක් විමර්ශනවලදී අනාවරණය වී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම්දී ඇත.
හිටපු අමාත්‍යවරයා විසින් අපේක්ෂිත ඇප අයැදුම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ ඉල්ලීම සළකා බලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවට කැදවා තිබූ අතර, එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දැනුම්දී තිබේ.
ඊ 8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා අවස්ථා, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙට දිනයේදී ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවද හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ දැනුම්දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart