
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙහිවල ප්රදේශයෙන් අද දිනයේද වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් දෙහිවල – නැදිමාල ක්රීඩාංගණය අසලදී අද (20) පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කර තිබුණේ 45 හැවිරිදි පුද්ගලයෙකි.
මිය ගිය පුද්ගලයා දෙහිවල සරණංකර මාවතේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.
සැප්තැම්බර් 15 වැනි දින බඩෝවිට ප්රදේශයේදී ද වෙඩි තබා පුද්ගලයකු මියයෑමේ සිද්දියක් වාර්තා වූ අතර පසුව සැප්තැම්බර් 18 වැනි දින දෙහිවල සරණංකර මාවතේදී පුද්ගලයකුට වෙඩි තැබීමේ තවත් සිද්ධියක් වාර්තා වී තිබිණි.
අද වාර්තා වන සිද්ධිය වෙඩි තැබීමේ පෙර සිදුවීම්වලට සම්බන්ධ බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම වෙඩි තැබීම ඉදිරි ජනාධිපතිවරණයට සම්බන්ධ සිදුවීම් නොවන බව ද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.
වෙඩි තැබීම් සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart