
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරු අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
කෙසේවෙතත් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ශ්‍රී ලාංකිකයකු ලෙස පෙනී සිටිමින් වෙනත් රටක පුරවැසිභාවය ලබාගත් මන්ත්‍රීවරුන් සිටිය හැකි බවයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුව පවතින්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේය.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ (RTI) පනත යටතේ තමන් විසින් ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තොරතුරු විමසමින් දෙපාර්තමේන්තුව වෙත කරන ලද ඉල්ලීමක් දෙපාර්තමේන්තුව නොසළකා හරින බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) විසින් මෑතකදී ප්‍රකාශ කරන ලදී.
මහජන ආරක්‍ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් සිටී නම් එම දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම තොරතුරු හෙළි කරන බවයි.
“යමෙක් ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කර ඇත්නම් හෝ ලබාගෙන තිබේ නම්, දෙපාර්තමේන්තුව එය දැනගන්නවා. දෙපාර්තමේන්තුව එවැනි තොරතුරු ඉල්ලා සිටින ඕනෑම කෙනෙකුට ලබා දෙනු ඇති.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත්, පවතින දත්තවලට අනුව ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කළ මන්ත්‍රීවරුන් නොමැතිවීම මෙහි ප්‍රශ්නය බව ඔහු පවසා ඇත.
“එහෙම මන්ත්‍රීවරු නැති නම් කොහොමද තොරතුරු දෙන්නේ?” යනුවෙන් ඔහු පවසා තිබේ.
ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් නොමැති වුවද වෙනත් රටවල පුරවැසිභාවය ලබාගත් මන්ත්‍රීවරුන් සිටිය හැකි නමුත් ඔවුන් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර භාවිත කරමින් ශ්‍රී ලාංකිකයන් ලෙස පෙනී සිටිය හැකි බව ද ඇමැතිවරයා පවසා තිබේ.
“වෙනත් රටවල පුරවැසිභාවය ලබාගත් මන්ත්‍රීවරුන් සිටිය හැකියි, නමුත් ඔවුන් එය ප්‍රකාශ කර නැහැ. ඔවුන් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර ඇති ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස දිගටම සිටින විට, දෙපාර්තමේන්තුවට ඒ ගැන දැන ගැනීමට ක්‍රමයක් නැහැ.” යනුවෙන් ඔහු පෙන්වා දී තිබේ.
පැෆ්රල් සංවිධානය මෑතකදී පවසා තිබුණේ ඔවුන් මුලින් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඔවුන්ගේ පුරවැසිභාවය පිළිබඳ පැහැදිලි කිරීමක්ඉල්ලා සිටි බවයි.
කෙසේවෙතත්, පෞද්ගලිකත්වය සම්බන්ධ ගැටලු සඳහන් කරමින් දෙපාර්තමේන්තුව එවැනි තොරතුරු සැපයීම ප්‍රතික්ෂේප කර තිබේ.
අනතුරුව අදාළ තොරතුරු ලබාදීම සඳහා දෙපාර්තමේන්තුව වෙනත් තොරතුරු කිහිපයක් ඉල්ලා ඇති අතර පැෆ්රල් විසින් එම තොරතුරු ද ලබා දී තිබේ.
දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි තොරතුරු ලබාදී ඇතත්, සිය ඉල්ලීමට දෙපාර්තමේන්තුව තවමත් ප්‍රතිචාර දක්වා නොමැති බව පැෆ්රල් සංවිධානය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart