
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන පියත් නිකේෂලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්නට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරයි.
පසුගිය මැයි 10 වැනි දින තලංගම ප්‍රදේශයේදී චන්දික අබේරත්න තවත් කිහිපදෙනකු සමඟ එක්ව පියත් නිකේෂලට පහර දී ඇති අතර, ඉන් අනතුරුව ඔවුන් දෙදෙනාම රෝහල් ගත කර, පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අබේරත්නට එරෙහිව පක්ෂය කිසියම් විනය ක්‍රියාමාර්ගයක් ගන්නේ දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ගෙන් ‘ඩේලි මෝර්නින්’ පුවත්පත විමසූ අවස්ථාවේදී ඔහු මෙසේ පවසා තිබේ.
“පළමුවෙන්ම ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්දැයි සොයා බැලිය යුතුය. ඔහුගේ (නිකේෂලගේ) නොමනා හැසිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල වූ බවට ද ඇතැම් වාර්තා තිබෙනවා. හරියටම සිදුවූයේ කුමක්දැයි නොදැන විනය පියවර ගැනීමට හැකියාවක් නැහැ. අරගලය කාලේ ගෙවල් ඇතුළු දේපළ ගිනි තිබ්බ මිනිස්සු ඉන්නවා. පොලිසියෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් එතැනදී පිඩාවට පත්වූවන්ට සාධාරණයක් වුණේ නැහැ. එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා කළ අය තවමත් නිදැල්ලේ සිටින අතර, පළමුව කළ යුත්තේ ඔවුන් නීතිය හමුවට ගෙන ඒමයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart