
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයේදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ තීරණයේ වෙනසක් නොමැති බවත් ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසා ඇත්තේ පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය ගත්ත තීරණයක් වෙනස් කළ නොහැකි බවයි.
ඔහු මෙම ප්‍රකාශය සිදුකරන්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් විශාල වශයෙන් නික්ම ගොස් පක්ෂය දෙකට බෙදී ඇත අවස්ථාවකය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තම ආසනයේ ජනතා හැඟීම්වලට හිස නමා වත්මන් ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට කටයුතු කරන බවයි.
මේ අතර, රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළ ඇමැති ප්‍රසන්න රණතුංග වෙනුවට රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස තාවකාලිකව පත් කර ඇති බව වාර්තා වේ.
පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් නායකයා ලෙස තාවකාලිකව පත් කර ඇති අතර, එහි නායකත්වය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන ද ප්‍රකාශ කර තිබුණේ තමන් ද වික්‍රමසිංහට සහාය පළ කරන බවයි.
ඇමැති කාංචන විජේසේකර වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මාතර දිස්ත්‍රික් නායකයා ලෙස තාවකාලිකව පත් කර ඇති අතර රමේෂ් පතිරණ ඇමැතිවරයා වෙනුවට රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා ගාල්ල දිස්ත්‍රික් නායකයා ලෙස පත් කර ඇති බව දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය වික්‍රමසිංහට සහාය නොදීමට ගත් තීරණයත් සමඟ ඔහුට සහාය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් එම තීරණය යළි සළකා බලන ලෙස පක්ෂයෙන් ඉල්ලා සිටිනු දක්නට ලැබිණි.
කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් කියා සිටින්නේ එවැනි වෙනසක් සිදු නොවන බවයි.
අගෝස්තු 7 වැනිදා ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart