
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැනඩාවේ ඔටාවාහි පදිංචිව සිටි පවුලක් සමූහ ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව සිටින 19 හැවිරිදි ශ්‍රී ලාංකිකයාට ඇප ඉල්ලීමට සූදානමක් නොමැති බව ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශකර තිබේ.
ෆෙබ්‍රියෝ ද සොයිසා නම් එම සැකකරු මාර්තු මස මුලදී අත්අඩංගුවට ගෙන පළමු ගණයේ මිනීමැරුම් හයක් සහ මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කෙරිණි.
ඔහු තවමත් අත්අඩංගුවේ පසුවන අතර ඔහුගේ නීතීඥ ඉවාන් ලිට්ල් කැනේඩියානු ප්‍රෙස් වෙත පවසා ඇත්තේ ඔහුට ඇප සඳහා අයදුම් කිරීමට දැනට කිසිදු සැලසුමක් නොමැති බවයි.
ශිෂ්‍යයකු ලෙස කැනඩාවේ අධ්‍යාපනය ලබමින් සිටි ද සොයිසා ලබන සතියේ යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී ඔහුගේ නඩුව සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් සඳහා දින නියම කිරීමට නීතිඥයෝ අපේක්ෂාවෙන් සිටිති.
35 හැවිරිදි දර්ශනී ඒකනායක සහ මාස දෙකත් අවුරුදු හතත් අතර වයසේ පසුවූ ඇගේ දරුවන් සිව්දෙනාගේ මෙන්ම පවුලේ හිතවතකුගේ මරණයට මෙම තරුණයා වගකිව යුතු බවට විමර්ශකයෝ චෝදනා කරති.
ඔවුන් විශ්වාස කරන්නේ එම පවුලට පිහියකින් හෝ වෙනත් දාර සහිත ආයුධයකින් පහර දී ඇති බවයි.
ද සොයිසා අන්තර්ජාතික ශිෂ්‍යයකු බව ඔටාවා පොලිසියේ ප්‍රධානී එරික් ස්ටබ්ස් මාධ්‍ය හමුවකදී හෙළි කිරීමෙන් පසු ඒ පිළිබඳ සොයා බලන ලෙස ඇල්ගොන්කින් විද්‍යාලයේ සභාපතිවරයා සිය කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව හෙළිවී තිබුණේ ඔහු අවසන් වරට විද්‍යාලයේ පන්තිවලට සහභාගි වී ඇත්තේ 2023 ජනවාරි මාසයේදී බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart