
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහන කප්පාදු කිරීමේ ක්‍රියාවලියේදී ඇමැතිවරුන්ට රජයේ බංගලා නොදීමට රජය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු කටයුතු සහ මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල ප්‍රකාශ කර තිබේ.
මීට අමතරව සෑම වසර පහකට වරක් මන්ත්‍රීවරුන්ට ලබාදෙන තීරුබදු රහිත වාහන බලපත්‍ර ද අහෝසි කෙරේ.
ඇමැති ආනන්ද විජේපාල ප්‍රකාශ කර ඇත්තේ පසුගිය රජයන්හි කටයුතු කළ ඇමැතිවරුන්ට පවරන ලද රජයේ බංගලා සම්බන්ධයෙන් කුමක් කළ යුතු දැයි රජය තීරණය කරන බවයි.
වත්මන් ආණ්ඩුවේ කිසිදු ඇමැතිවරයකුට මෙම නිවාස ලබා නොදෙන බව ද ඔහු සඳහන් කර තිබේ.
ඇමැතිවරයා කියා සිටියේ තීරුබදු රහිත වාහන ආනයනය සඳහා බලපත්‍ර වෙනුවට මන්ත්‍රීවරුන්ට රජයෙන් අඩු වියදමකින් වාහන ලබා දෙන බවයි.
“අපි මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ. ඔවුන්ට ලාභදායී, ඉන්ධන කාර්යක්ෂම වාහන ලබා දෙනවා,” යනුවෙන් ඔහු පවසා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම තීරු බදු රහිත වාහන බලපත්‍රය මුදල් වාසි තකා අවභාවිත කරන බවට පසුගිය කාලයේ චෝදනා එල්ල විය.
කිසිදු ආනයන බද්දකින් තොරව සුඛෝපබෝගී වාහන ආනයනය කිරීම සඳහා අධික මුදලකට ඔවුන් විසින් බලපත්‍ර වෙනත් අයට දුන් බවට වාර්තා විය.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ මෙවර සිට අහෝසි කිරීමට ද රජය තීරණය කර තිබේ.
හිටපු ඇමැතිවරුන් සහ ජනාධිපතිවරුන් භාවිත කළ සුඛෝපභෝගී වාහන 344ක් වෙන්දේසි කිරීමට හෝ නැවත භාවිතයට ගැනීමට රජය විසින් හඳුනාගෙන තිබේ.
V8 වාහන ඇතුළු සුඛෝපභෝගී මෙම වාහනවලින් සමහරක් වෙන්දේසි කිරීමට අනුමැතිය ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද ඇමැති විජේපාල පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart