
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘රාවණා ලංකා’ පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන ජී.පී.නිස්සංක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන ඇත.
ජාතික ආරක්ෂාවට තර්ජනය වන ආකාරයේ ප්‍රචාර සිදුකිරීම ඔහුට එල්ල කර ඇති චෝදනාවයි.
කොළඹ පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් 5 දෙනකු විසින් මගයාය, අම්බැවිල, පල්ලෙබද්ද (ගොඩකවෙල ) යන ලිපිනයේදී මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ පස්වරු10.45ට පමණ සිදුකර ඇති බව වාර්තා වේ.
ජී.පී නිස්සංකව අත්අඩංගුවට ගත් මොහොතේ ඔහුගේ 79 සහ 70 වියැති පියා සහ මවද 16 වියැති වැඩිමහල් පුත්‍රයාද නිවසේ සිට තිබේ.
අද 2024.03.06 දින ජී.පී නිස්සංකව අධිකරණයට ඉදිරිපත් කරන බවට දන්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart