
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව රටවල් බහුතරයක් පිළිගෙන ඇති අන්තර්ජාතික ගෙවීම් ජාලය වන SWIFT වෙනුවට තවත් විකල්ප ගෙවීම් ජාලයක් දියත් කිරීමට ශ්‍රී ලංකාවද ඇතුළුව ආසියානු නිෂ්කාශන සංගමයේ (ACU) සාමාජික රාජ්‍යයන් එකඟවී ඇත.
පසුගියදා ඉරානයේ පැවැති සමුළුවකදී බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්ථානය, ශ්‍රී ලංකාව, මියන්මාරය සහ ඉරානය යන ACU සාමාජිකයෝ මෙම එකඟතාවට පැමිණ ඇත.
ඉරාන මහ බැංකුව (CBI) විසින් ACU සාමාජිකයන් අතර බැංකු සන්නිවේදනය සඳහා නව, නම් නොකළ ගෙවීම් ජාල පද්ධතිය සංවර්ධනය කර ඇති බව වාර්තා වේ.
ACU සාමාජික රටවල ඉහළ නිලධාරීන්ට අමතරව, රුසියානු මහ බැංකුවේ අධිපතිවරයා නිරීක්ෂකයකු ලෙස සමුළුවට සහභාගී වූ අතර, බෙලරුස් සහ ඇෆ්ගනිස්ථානයේ නිලධාරීහු ද ඒ අතර වූහ.
ඩොලරය වෙනුවට විකල්ප ක්‍රමවේද භාවිත කරමින් රටවල් අතර වෙළඳ ගනුදෙනු සිදුකිරීමත්, ඩොලරයට පවතින ඉල්ලුම පහත හෙළීමත් මෙම එකඟතාවයේ අරමුණ වී ඇත. එසේම සාමාජික රටවල විදේශ විනිමය සංචිත ආරක්ෂා කරගැනීමද එහි අරමුණකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart