December 18, 2025

කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය පව­ත්වා­ගෙන යෑම සඳහා පසු­ගිය රජය සමයේ රාජ­ගි­රිය ප්‍රදේ­ශයේ ගොඩ­නැ­ඟි­ල්ලක් කුලී පද­නම මත ගැනීම පිළි­බ­ඳව කරන විම­ර්ශ­න­ය­කට අදා­ළව හිටපු ඇමැ­ති­ව­ර­යෙක් වන නිමල් සිරි­පාල ද සිල්වා­ගෙන් අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව ඊයේ (17) ප්‍රකාශ සට­හන් කර­ගෙන තිබේ.

පැය දෙක­හ­මා­ර­කට වැඩි කාල­යක් ඔහු‍ගෙන් ප්‍රකාශ සට­හන් කර­ගත් බව අල්ලස් කොමි­ෂන් සභාවේ තොර­තුරු අනා­ව­ර­ණය කරයි.

අල්ලස් කොමි­සම විසින් කරන ලද දැනුම්දීම­කට අනුව නිමල් සිරි­පාල ද සිල්වා අල්ලස් කොමි­සම හමුවේ පෙනීසිට ඇත.

අදාළ ගොඩ­නැ­ඟිල්ල කුලී පද­නම මත ලබා­ගැ­නීම සම්බ­න්ධ­යෙන් ඔහු­ගෙන් මෙම ප්‍රකා­ශය ලබා­ගෙන ඇත්තේ එව­කට සිටි කැබි­නට් ඇමැ­ති­ව­ර­යකු ලෙසිනි.

හිටපු ඇමැ­ති­ව­රුන් වන මහින්ද අම­ර­වීර, තලතා අතු­කෝ­රාළ, මහින්ද සම­ර­සිංහ, ගයන්න කරු­ණා­ති­ලක ඇතුළු පිරි­ස­ක­ගෙන් පසු­ගිය දින කිහි­පය තුළ අල්ලස් කොමි­ෂන් සභාව මේ සම්බ­න්ධ­යෙන් ප්‍රකාශ සට­හන් කර­ගෙන තිබිණි.