
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා යටතේ ඇති වරාය හා නාවික අමාත්‍යාංශය විසින් දකුණු ආසියාවේ විශාලතම සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරිම සඳහා කොළඔ වරයේ අක්කර 13 ක ඉඩමක අඩු තක්සේරුවක් යටතේ චීනයට බදු ඇති බවට වරාය සහ ගුවන්සේවා රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර ඊයේ (22)පැවති විශේෂ සාකච්ඡාදී චෝදනා කළේය.
ඔහු සඳහන් කළේ, වරාය තුළ ඉඩම් සඳහා ඉහළ ඉල්ලුමක් ඇති අවස්ථාවදි අක්කර 13ක ඉඩම අඩු තක්සේරුවක් මත චීනයට බදු දී ඇති බවයි.
එමෙන්ම මේ තත්ත්වය රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති විය හැකි බවද ඔහු සඳහන් කළේය.
ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ 2016 සිට මෙම ඉඩම චීනයට ලබාදීමට යෝජනා වී තිබූ බවයි .
මේ ඉඩම බදුදීම සම්බන්ධ සිදු වූ ක්‍රියාපටිපාටියෙහි විනිවිදභාවයක් නොමැති බවද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වාදුන්නේය.
තවද මේ සිද්ධියේදී වත්කම් සම්බන්ධව හඬනගන වෘත්තීය සමිති පවා නිහඬවීම තමාව කනස්සල්ලට පත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart