October 1, 2024

ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි බී.එම්.ඩී.නිලුෂා බාලසූරිය පත්කර ඇත.

ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

ඊට අදාළ කැබිනට් තීරණය පහතින් දැක්වේ.

‘ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ අයි.එස්.එච්.ජේ.ඉලුක්පිටිය මහතා 2024-09-25 දින සිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇති බැවින්, එම තනතුරේ රාජකාරි කටයුතු ඉටු කිරීම පිණිස වහාම සුදුසු නිලධාරියෙකු පත් කළ යුතුව ඇත. ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි බී.එම්.ඩී.නිලුෂා බාලසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’

42.31%
17.27%
32.76%