
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපති මොහොමඩ් බසූම් හමුදා කුමන්ත්‍රණයකින් පෙරළා දින දෙකකට පසු නයිජීර් රාජ්‍යයේ ජනාධිපති ආරක්ෂක බළකායේ ප්‍රධානී ජෙනරාල් අබ්දුරාහ්මනේ ටිචියානි අද (28දා) සිට තමන් රටේ නව නායකයා ලෙස ප්‍රකාශ කර තිබේ.
රටේ “ආරක්‍ෂක තත්ත්වය පිරිහීමක් සහ දුර්වල ආර්ථික හා සමාජ පාලනයක්” යන චෝදනාව මත පසුගිය බදාදා(26) හමුදාව විසින් රටේ බලය අල්ලාගත් නමුත් දෙකක් ගතවන තුරු නව නායකයා කවුරුන්ද යන්න ප්‍රකාශ කෙරුණේ නැත.
මෙම දින දෙකේදී, නියාමේ අගනුවර ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වූ අතර, හමුදාවට සහාය දක්වන මැර පිරිසක් පාලක පක්ෂයේ මූලස්ථානයට ගිනි තැබූහ.
ලෝකයේ දුප්පත්ම රටවලින් එකක් වුවද, නයිජර් ලෝකයේ විශාලතම යුරේනියම් නිධි කිහිපයකට හිමිකම් කියයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය, එක්සත් ජනපදය, අප්‍රිකානු සංගමය සහ බටහිර අප්‍රිකානු රාජ්‍යවල ප්‍රජාව කුමන්ත්‍රණය හෙළා දැක ඇති අතර, හමුදාව නව රජය ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart