
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නැවත පණ ගැන්වීමේ උත්සාහයට අදාළව නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා ආයුධ වෙළඳාමේ නිරත වූ ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු සහ ඉන්දියානුවන් තිදෙනෙකු ඇතුළු 13 දෙනෙකුට එරෙහිව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය (NIA)චෝදනා පත්‍රයක් ගොනු කර තිබේ.
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ සංවිධානය පුනර්ජීවනය කිරීම සඳහා ආයුධ එකතු කිරීමට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් අරමුදල් රැස්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පත්‍රය ගොනු කළ බව NIA පවසයි.
සෙල්වකුමාර් එම්, විග්නේෂ්වර පෙරුමාල් හෙවත් විකී සහ අයියපන් නන්දු චෝදනා එල්ල වී ඇති ඉන්දීය ජාතිකයින් තිදෙනා වෙති.
තවද, පකිස්ථාන මත්ද්‍රව්‍ය සහ අවි සැපයුම්කරු හාජි සලීම් සමඟ එක්ව කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති, මෙරට කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන සී ගුණසේකරන් හෙවත් ගුණා සහ පුෂ්පරාජා හෙවත් පූකුට්ටි කන්නා හට NIA විසින් චෝදනා ගොනු කර ඇත.
සලීම්, පසුගිය අප්‍රේල් 30 වැනිදා හින්දුස්තාන් ටයිම්ස් විසින් වාර්තා කරන ලද පරිදි, පාකිස්තානයේ අන්තර් සේවා බුද්ධි අංශය (ISI) සමඟ වැඩ කළ බව කියනු ලැබේ.
ඔහු ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින සහ අනෙකුත් අවට රටවලට මත්ද්‍රව්‍ය හා අවි ආයුධ ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම පාහේ හසුරුවා ඇති බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පවසයි.
“මත්ද්‍රව්‍ය ජාවාරම හරහා එල්.ටී.ටී.ඊ සංවිධානය පුනර්ජීවනය කිරීමට මුදල් ලබාදීමට ඔවුන් කළ කුමන්ත්රණකාරී ක්‍රියාපටිපාටිය විමර්ශනවලින් හෙළිවී තිබේ.
ඔවුන් පසුගිය වසරේ ට්‍රිචි විශේෂ කඳවුරේදී අත්අඩංගුවට ගෙන ඇත.
විත්තිකරුවන් නීතිවිරෝධී ජාවරම්වලින් ලැබෙන ආදායමෙන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබිණි.
ගුණා සහ පූකුට්ටි කන්නාට අමතරව මොහොමඩ් අස්මින්, අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු, ධනුක්ක රොෂාන්, ලඩියා, වැල්ලේ සුරංග, තිලිපන් සහ ධනරත්නම් නිලුක්ෂාන් යන ශ්‍රී ලාංකිකයන් අට දෙනකු චෝදනා පත්‍රයේ නම් කර ඇත.
විකී සහ නන්දු මේ වසරේ අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගත් අතර අනෙක් අය අත්අඩංගුවට ගනු ලැබුවේ 2022 වසරේ දෙසැම්බර් මාසයේදීය.
– හින්දුස්තාන් ටයිම්ස් –
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart