
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට නව රාජ්‍ය නොවන සංවිධාන (NGO) ලියාපදිංචි කිරීම ඇනහිට තිබේ.
ඊට හේතුවී ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අඛණ්ඩව පවතින නායකත්ව රික්තය නිසා අයදුම්පත් අනුමත කිරීමට නොහැකි වීම බව වාර්තා වේ.
මෙම ගැටලුව පැන නගින්නේ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න මෙම වසරේ මාර්තු මාසයේදී ඉල්ලා අස්වීමෙන් පසුවය.
එතැන් සිට, නව අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කර නොමැති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නව රාජ්‍ය නොවන සංවිධාන සඳහා අයදුම්පත් සැකසීම ප්‍රමාද වී ඇති අතර පවතින සංවිධානවලට අවශ්‍ය වෙනස්කම් සිදු වීමද ප්‍රමාද වී තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මෙම තත්ත්වය පිළිබඳ නොදන්නා බව ප්‍රකාශ කර ඇත.
“මම මෙම ගැටලු පිළිබඳ දන්නේ නැහැ. මට මෙම කාරණය සොයා බැලීමට සිදුවෙනවා,” යැයි අමාත්‍යවරයා පැවසීය.
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පැවසුවේ අමාත්‍යාංශය නව අධ්‍යක්ෂ ජනරාල්වරයකු බඳවා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින බවයි.
“මම මේ ගැටලුව ගැන සම්පූර්ණයෙන් දන්නේ නැහැ, නමුත් මට අදහසක් තියෙන්න පුළුවන්. හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වීමෙන් පසු, අධ්‍යක්ෂ ජනරාල් ධුරය පිරවීම සඳහා යෝජනා ඉල්ලා සිටියා. මෙම ගැටලුව විසඳෙන තුරු අපි ඉවසිලිවන්ත විය යුතුයි,” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.
අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්යයන් රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරන එල්.කේ. මුහන්දිරම්ගේ විසින් දැනට සිදු කරනු ලැබේ.
“හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා මාර්තු මාසයේදී ඉල්ලා අස්වූ දා සිට, මම වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ භූමිකාව ඉටු කරමින් ඉන්නවා. කෙසේවෙතත්, ගැටලුව වන්නේ මට ඉටු කිරීමට ද්විත්ව භූමිකාවක් තිබීමයි. එක් භූමිකාවක් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ භූමිකාව. රෙජිස්ට්‍රාර්වරයාගේ භූමිකාවත් මට තිබෙනවා. රෙජිස්ට්‍රාර්වරයාගේ භූමිකාව ඉටු කිරීමට මට බලය ලැබී නැහැ. එම නිසා තමයි මෙම උභතෝකෝටිකය ඇති වී තිබෙන්නේ,” යනුඑවෙන් මුහන්දිරම්ගේ පැවසුවාය.
ඇය තවදුරටත් කියා සිටියේ, තම වැඩබලන භූමිකාව භාර ගැනීමෙන් පසු මෙම ගැටලුව පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම්දුන් බවත්, ඉක්මනින් විසඳුමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු පළකළ බවත්ය.
රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයට සම්බන්ධ නිලධාරියෙක් තහවුරු කළේ, රෙජිස්ට්‍රාර්වරයකු නොමැති වීම හේතුවෙන් නව ලියාපදිංචි කිරීම් සහ පවතින රාජ්‍ය නොවන සංවිධානවල වෙනස්කම් යන දෙකම නතර කර ඇති බවයි.
“දැනට ලියාපදිංචි කිරීමක් සිදු වෙන්නේ නැහැ. රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ලියාපදිංචි කිරීමට අපේක්ෂා කළ නමුත් ඔවුන්ට එය කළ නොහැකි වී තිබෙනවා. අරමුදල් මාරු කිරීම් සහ ගිණුම් විවෘත කිරීම් සම්බන්ධයෙන් ඔවුන්ට නීතිමය ගැටලු ඇති අතර ලියාපදිංචි කිරීමේ ප්‍රමාදය ගැටලුවක් ඇති කර තිබෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.
ලියාපදිංචි කිරීමේ බාධකය නව රාජ්‍ය නොවන සංවිධානවලට පමණක් නොව, නම් සංශෝධන හෝ බලපත්‍ර සංශෝධන වැනි නිල වෙනස්කම් අවශ්‍ය දැනට පවතින සංවිධානවලට ද බලපා ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
“විශේෂයෙන් USAID කප්පාදුව සමඟ, සමහර රාජ්‍ය නොවන සංවිධාන දැන් ජර්මනියේ සහ අනෙකුත් රටවලින් ලැබෙන අරමුදල් මත විශ්වාසය තබා තිබෙනවා. එයින් අදහස් කරන්නේ ඔවුන් ක්‍රියාත්මක වන ආකාරය වෙනස් කිරීමයි. නමුත් රෙජිස්ට්‍රාර්වරයාගේ අත්සන සහ අනුමැතිය නොමැතිව ඔවුන්ට ඉදිරියට යා නොහැකියි,” ඔහු තවදුරටත් පැවසීය.
රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව පුරා රාජ්‍ය නොවන සංවිධානවල මෙහෙයුම් නිරීක්ෂණය, නියාමනය සහ පහසුකම් සැපයීම සඳහා වගකිව යුතු වේ.
වත්මන් පරිපාලනමය අවුල් සහගත තත්ත්වයත් සමඟ, සිවිල් සමාජ සංවිධාන නීත්‍යනුකූලව ක්‍රියාත්මක වීමට හෝ ඔවුන්ගේ මානුෂීය, පාරිසරික හෝ සංවර්ධන කටයුතු සඳහා තීරණාත්මක අරමුදල් වෙත ප්‍රවේශ වීමට නොහැකි වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart