
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගිනිකොනදිග බ්‍රසීලයේ වෙරළබඩ මන්දිරයක් ඉදිකිරීමේදී පාරිසරික නීති කඩ කිරීම සම්බන්ධයෙන් සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර් ද සිල්වාට රියායි මිලියන 16ක එනම් ඩොලර් මිලියන 3.33 දඩයක් පනවා තිබේ.
බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර් ද සිල්වාගේ නිවස පිහිටා ඇත්තේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ දකුණු වෙරළ තීරයේ මංගරාටිබා නගරයේ ය.
එම මන්දිර ව්‍යාපෘතිය මගින් පාරසරික නීති රීති උල්ලංඝනය කර ඇති බව පළාත් පාලන ආයතන ප්‍රථමයෙන් පසුගිය මස අගදී නේමාර්ට චෝදනා කළේය.
අදාළ චෝදනා තහවුරු කරමින් බ්‍රසීල බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ, මන්දිරයේ කෘත්‍රිම විලක් ඉදිකිරීමේදී පාරසරික හානියක් සිදුව ඇති බවය.
කෙසේ වෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වීම නේමාර්ගේ ප්‍රකාශකයන් ප්‍රතික්ෂේප කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart