
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රතික්‍රීයක ලබානොදීම නිසා, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරීක්ෂණ වර්ග 32ක් මේ වනවිට සිදුනොකරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් අනාවරණය කරයි.
ඖෂධ වර්ග 80ක් පමණ රෝහල්වල නොමැති බවත් වෛද්‍ය සැපයුම් අංශයේද එම ඖෂධ නොමැති අතර ගෙන්වන දිනයක් දැනගන්නට නැතැයි ද ඔහු සඳහන් කරයි.
ව්‍යාජ ඉමියුනෝග්ලොබියුලින්වලට අදාළ සැපයුම් භාර නිලධාරියා රිමාන්ඩ් බන්ධනාගාරගත කර මාසයකට වැඩි කාලයක් ගතව ඇතත් තවමත් ගබඩා අංක හයට අදාළ සැපයුම් භාරගැනීමට නිලධාරියකු පත්කර නොමැති බව ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
“එම ගබඩාවට අදාළ ඉමියුනෝග්ලොබියුලින්, ප්රතිසර්පවිෂ එන්නත්, ඇල්බියුමින්, ඇනොක්සිපාරින් වැනි අති සංවේදී ඖෂධ වෛද්‍ය සැපයීම් අංශය වටේ යනවා. අනිවාර්ය ශීතදාම තුළ කළමනාකරණය කළයුතු එවන් ඖෂධ එලෙස එහෙ මෙහෙ රස්තියාදු කරවීම ඖෂධයේ ගුණාතමක බවටත්, කාර්යක්ෂමතාවටත් හානිකරයි. වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂවරයෙක් පත්කළාට වෙනසක් නෑ. කඩිනමින් විසඳුම් අවශ්‍යයි.” යනුවෙන් සභාපති රවී කුමුදේශ් පවසයි.
“වෛද්‍ය සැපයීම් අංශයේ දැනටමත් ඖෂධ 156ක සංඛ්‍යාවක් නැහැ. තවත් ඖෂධ 110ක තොග පවතින්නේ මාසයක පමණ කෙටි කාලයකට පමණයි. ඒ අනුව අපිට ජනවාරිය පටන් ගන්න වෙන්නෙම ඖෂධ තුන්සියයක පමණ හිඟයක් එක්ක. ඖෂධ වර්ග 86ක් රෝහල් ගබඩාවල පවා නැහැ. මොකද්ද මේ හිඟය නැති කරන්න නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්ගේ සැලැස්ම. කවදා වෙනකොටද හිඟ ඖෂධ ටික රෝගීන් වෙනුවෙන් ලබාදෙන්නේ. පුටු රත් කරන්න නිලධාරීන් පත්කරන්නේ නැතුව වහාම ඔවුනගේ වැඩ සැලැස්මක් ලබාගන්න කියලා අපි සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලනවා. ඒ වැඩ පිළිවෙළ රටට ඉදිරිපත් කරන්න. සෞඛ්‍ය සේවාව ගොඩගැනීම සඳහා ඉලක්කගත වැඩ පිළිවෙළක් එක්ක වැඩකරන නිලධාරීන් අත්‍යවශ්‍යයි. ඒ සඳහා ඔවුන්ව පාලනය කරන එක රජයේ වගකීමක්.” යැයි ද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart