
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති ජෝ බයිඩ්න්ගෙන් පසු ඉදිරියෙන්ම සිටින්නේ එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ආර්යාව වන මිෂෙල් ඔබාමා බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
Rasmussen Reports මත විමසුමේදී, ඩිමොක්‍රටික් ඡන්දදායකයන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ප්‍රකාශ කර ඇත්තේ ජෝ බයිඩ්න් හැර වෙනත් අයකු එක්සත් ජනපද ජනාධිපති ධුරයට තරඟ කරනු දැකීමට තමන් කැමති බවයි.
නොවැම්බරයේ පැවැත්වෙන මැතිවරණයට පෙර ජෝ ජෝ බයිඩ්න් වෙනුවට පක්ෂය විසින් වෙනත් අපේක්ෂකයකු සොයා ගැනීමට එකඟදැයි ඇසූ විට ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් 48%ක් ස්ථිර ලෙස ඊට එකඟ වූ අතර 38%ක් ඊට එකඟ වී නැත.
ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් 33%ක් පමණක් ඡන්දයේ වෙනසක් සිදුවනු ඇතැයි සිතති.
81 හැවිරිදි ජෝ බයිඩ්න් වෙනුවට තරඟ කරනු දැකීමට කැමති අපේක්ෂකයන් අතර මිෂෙල් ඔබාමා සියයට විස්සක් පමණ ඡන්ද ලබාගෙන ඇත.
අනෙකුත් අපේක්ෂකයන් අතරට මිචිගන් ආණ්ඩුකාර ග්‍රේචන් විට්මර්, කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සෝම්, හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ උප ජනාධිපති කමලා හැරිස් ඇතුළත්වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart